“නොපැතුවද නිවනම ලැබෙන
තුන් ලොව ඇති ශ්‍රේෂ්ඨතම දානය
ධර්ම දානයයි…”

ඔබේ අවබෝධය පිණිස....

ගැටළු සහ පිළිතුරු

මෙවැනි සද් ධර්ම ප්‍රචාරණ සහ සංරක්‍ෂණ මැදිරියක් අවශ්‍ය ඇයි ?

පූජනීය වහරක අභයරතනාලංකාර නාහිමිපාණන් වහන්සේගේ උතුම් වූ පාරමිතාව වූයේ සැඟව ගිය බොදු මග නැවත හෙළි කොට නිවන් දැකීමට උපකාර කෙරෙන සැබෑ බුද්ධ දේශනාව සියලු ලෝක සියලු සත්ත්වයින්ට දේශනා කිරීමයි.

 

සිය පැවිදි දිවිය තුල දිවා රාත්‍රී නොතකමින් පැය දහස් ගණනක දේශනා මෙම උතුමන් වහන්සේ බොහෝ දෙනාගේ යහපත පිණිස සිදුකල අතර උන්වහන්සේගේ දේශනා ප්‍රාතිහාර්යය නිසාම පූජනීය නාහිමිපාණන්  පිරිනිවීමෙන් පසු අප සැමගේ වන්දනාව පිණිස  අනුබුදු හිමියන්ගේ අකු ධාතූන් වහන්සේ ඇතුළු ධාතූන් වහන්සේලා රාශියක් ශේෂ විය.

 

සැබෑ නිවන් මග සොයන සෑම සියලු දෙනා වෙනුවෙන් කලයුතු ප්‍රධානතම දෙය වන්නේ පූජනීය වහරක අභයරතනාලංකාර නාහිමිපාණන් වහන්සේ අර්ථ, ධර්ම, නිරුක්ති. පඨිභාන ඥානයෙන් දේශනා කල උතුම් නිර්මල සම්බුද්ධ දේශනා ආරක්ෂා කිරීමයි. ධර්ම දානය ලෙස බෙදා හැරීමයි.

 

යුග යුග ගණනාවක් වෙනුවෙන් මෙම උත්තම දේශනා සංරක්ෂණය කිරීම විද්‍යාත්මක ක්‍රමවේදයකට සිදුකිරීම අපගේ සාසනික වගකීමක් වන නිසාම මෙවැනි සද් ධර්ම ප්‍රචාරණ සහ සංරක්‍ෂණ මැදිරියක් අවශ්‍ය වී තිබේ.

 

එමෙන්ම, නව මාධ්‍ය මෙවළම් භාවිතයෙන් බොහෝ දෙනාට  ශ්‍රී සද් ධර්මය ඇසුරු කිරීමට අවශ්‍ය පහසුකම් සැපයීමද මෙවැනි සද් ධර්ම ප්‍රචාරණ සහ සංරක්‍ෂණ මැදිරියක් පිහිටුවීමට හේතු විය. 

මෙය වහරක මෙත් ගලනා පින්බිමේ ඉදිකල නොහැකිද ?

වහරක මෙත් ගලනා පින්බිම තුල මෙවැනි කටයුත්තක් කිරීමට ඉඩ පහසුකම් හෝ තාක්ෂණික යටිතල පහසුකම් නොමැත. විශේෂයෙන් දේශනා පටිගත කිරීම, සංස්කරණය, සංරක්ෂණය සහ විකාශය සඳහා එහි ඇති පහසුකම් ප්‍රමාණවත් නොවේ. 

මෙහි ඇති පහසුකම් මොනවාද ?

වර්ග අඩි පන්දහසකට ආසන්න බොදු ගෘහ නිර්මාණ සම්ප්‍රදායට අනුව ඉදිකෙරෙන තනි මහලේ ගොඩනැගිල්ලකි.

එහි පහත කාර්යයන් සඳහා ඉඩ පහසුකම් වෙන්කෙරේ.

 

නවීන රූපවාහිනී පටිගත කිරීමේ මැදිරියක්

නවීන ශ්‍රව්‍ය දෘශ්‍ය සංස්කරණ මැදිරියක්

හඬ කැවීමේ මැදිරියක්

රූපවාහිනී විකාශනාගාරයක්

අන්තර්ජාල ගුවන්විදුලියක්

සද් ධර්ම දේශනා සංරක්ෂනාගාරයක්

ත්‍රිපිටක පරිශීලනය සඳහා පරිගණක පද්ධතියක්

 

සූර්ය උත්පාදන විදුලිය

විදුලි ජනක යන්ත්‍ර

අන්තර්ජාල පහසුකම්

මුද්‍රණ සහ දුරකථන පහසුකම්

ෆයිබර් සහ චන්ද්‍රිකා තාක්ෂනය ඔස්සේ සන්නිවේදන පහසුව  

මෙම ස්ථානය කළමනාකරණය කෙරෙන්නේ කෙසේද ?

පූජනීය සංඝයා වහන්සේලාගේ අනුශාෂකත්වයෙන් පිහිටුවෙන කළමනාකරණ මණ්ඩලයක් මගිනි.

ධර්ම දේශනා, සාකච්ඡා, රූපවාහිනී සහ ගුවන්විදුලි වැඩසටහන් වල අන්තර්ගතයන් තීරණය කරනු ලබන්නේ පූජනීය සංඝයා වහන්සේ විසිනි. 


පරිපාලන සහ මෙහෙයුම් කටයුතු කළමනාකරණ මණ්ඩලය විසින් ස්වේච්ජා සේවයක් ලෙස සිදුකරනු ලබයි.

මෙම පහසුකම බාහිර පාර්ශව වලට භාවිතා කල හැකිද ?

වහරක ස​ඟ පරපුර අනුගමනය කරන පරමාදර්ශ වලට හානියක් නොවන අන්දමේ ඕනෑම බොදුනු සන්නිවේදන කටයුත්තකට මෙම පරිශ්‍රයේ පහසුකම් බාහිර පාර්ශව වලට භාවිතා කල හැකිය. 

මේ සදහා අපට දායක විය හැක්කේ කෙසේද ?

මුල්‍යාධාර මගින්
– කොමාෂල් බැංකුව
– අනුරාධපුර ශාඛාව
– ගිණුම් අංකය 8012202481
– ගිණුමේ නම : පූජ්‍ය කළුකැලේ ධම්ම සුගත හිමි හෝ පූජ්‍ය වළල්ලාවිට මුදිතවංශ හිමි

 

උපකරණ හෝ ද්‍රව්‍ය මගින්

තාක්‍ෂණ සහ උපදේශන සේවා මගින්

වැඩි විස්තර සහ කරුණු පැහැදිලි කර ගැනීම් සදහා ඇමතිය යුත්තේ කාටද ?

පූජ්‍ය වළල්ලාවිට මුදිතවංශ ස්වාමීන්වහන්සේ – 071 193 5020

 

කමින්ද රාජපක්‍ෂ මහතා – 0777 905 9419

අතුල සුල්තානගොඩ මහතා- 0777 777 540